කොටි හිතවාදීන් බ්‍රිගේඩියර් ප්‍රියංකව ප්‍රශ්න කරන  
තවත් වීඩියෝවක්

මේ දිනවල කථාබහට ලක්ව තිබෙන ලන්ඩන් නුවරදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු කොටි හිතවාදීන් ඉදිරියේ සිදු කළ සංඥාවට අදාළව මේ වනවිට තවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ.
එයට අනුව මෙම ගැටලුව එක්වරම පහළවූවක් නොවන බව පෙනෙන්නට තිබේ.
 බ්‍රිගේඩියර් ප්‍රියංක සමග කොටි ඩයස්පෝරා සාමාජිකයින් වාද කරන මෙම වීඩියෝවේදී
බ්‍රිෙග්ඩියර් වරයා සාවදානව ඔවුන්ට කරුනු පැහැදිලි කරන අයුරු දැක්වේ.


‘ඇයි ඔයාලා උතුරේ දෙමළ මිනිස්සු ඉන්න තැන්වලට සිංහල මිනිස්සු ගිහින් දාන්නේ ?‘
‘එහෙම දෙයක් වෙන්නේ නෑ. ඔයා දැක්කද ? එන්න යන්න යාපනයට ගිහින් පෙන්නවන්න. ඒ මිනිස්සු
කොච්චර හොඳට ජීවත් වෙනවද කියලා‘.

ඇයි ඔයාලා තමිල්නාඩුවේ දෙමළ ධීවරයෝ 500කට වෙඩි තිබ්බේ ?
ඔයාලා මේ කියන හැමදේම හරි දේ නෙමේ. ලංකාවේ එහෙම දෙයක් වෙලා නෑ.
මේ මිනිස්සු කියන බොරු කතා අහලා බොරු දේවල් විශ්වාස කරන්න එපා.‘