පෙබරවාරි 10 වැනිදාට යෙදෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් කටයුතු හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් එළැඹෙන සිකුරාදා (9දා) වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

ඡන්ද පෙට්ටි හා අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාර ගැනීමේ රාජකාරි සඳහා යොදා ගැනෙන පාසල් 19ක් සහ ජාතික විද්‍යාපීඨ දෙකක් අද (7දා) හෙට (8දා) සහ අනිද්දා (9දා) දිනවල වසා තැබීමට නියමිතය.

ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාර ගැනීමේ මධ්‍යස්ථාන සේ භාවිත කෙරෙන කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය හා රාජකීය විද්‍යාලය, කළුතර

ඥානෝදය මහා විද්‍යාලය සහ ශාන්ත ජෝන් මහා විද්‍යාලය, මහනුවර රණබිම රාජකීය විද්‍යාලය, මාතලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලය, නුවරඑළිය ගාමිණී ජාතික පාසල, ත්‍රිකුණාමලය විපුලානන්ද මහා විද්‍යාලය, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සහ සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, පුත්තලම හින්දු විද්‍යාලය, බදුල්ල විහාර මහා දේවි බාලිකා විද්‍යාලය, මොනරාගල රාජකීය විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය ඇතුළු ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ භාර ගැනීමේ මධ්‍යස්ථාන ලෙස සහ ප්‍රධාන ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානසේ පාවිච්චියට ගැනෙන ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, හම්බන්තොට සුචී ජාතික පාසල, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, මඩකළපුව හින්දු විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ගම්පහ පත්තල ගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය, පොළොන්නරුව පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අද (7දා) සිට දින තුනක් වසා තැබෙන අතර අධ්‍යයන කටයුතු සඳහා එළැඹෙන 12 වැනි සඳුදා දිනයේදී නැවත විවෘත කෙරේ.