තැඹිලි කඩන මුවාවෙන් පානදුර නල්ලුරුව ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසකට ඇතුළු වි පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කොට නීතිඥවරයා සතු රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා රණඩ කොල්ල කා පලාගිය දෙදෙනකු ඉකුත්දා (30) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.
දහවල් 11 ට පමණ නීතිඥවරයාගේ නිවෙසට ඇතුළු වූ පුද්ගලයකු තැඹිලි කැපීමට තිබෙනවා දැයි අසා එකවර
නිවසේ දොර විවෘත කොට

පැමිණ නිතිඥවරයාගේ බෙල්ලට පිහියක් තබා මරණ තර්ජන එල්ල කොට ඇති බව පොලිසිය සිදුකළ පරික්‍ෂණවලදී අනාචරණය වී තිබේ.
කොල්ලකරුවෝ නීතිඥවරයා පැළද සිටි ලක්‍ෂ ගණනක් විටිනා රන් මාලය සහ සුරයද රුපියල් පන්දහසක මුදලක්ද පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පසයි.
සිද්ධිය සැලවීමත් සමඟම වහා ක්‍රියාත්මක වූ පානදුර මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ඇතුළු නිලධාරිහු පැය කිහිපයක් තුළ සැකකරුවෝ අත්අඩංගුවට ගැනීමට සමත්වූහ.
පොලිස් අත්අඩංගුවට පත් වු දෙදෙනා චයය අවුරුදු 50 ක් පමණ වන කෙයෙල්වත්ත සහ වලාන ප්‍රදේශවල පදිංචි මන්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ අය බව පොලිසිය පවසයි.
පානදුර නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි හැටහත් හැවිරිදි නීතිඥවරයා දැනට විශ්‍රාමික සුවයෙන් හුදෙකලාව සිටින අයෙකු බව පොලිසිය පවසයි.
කොල්ලකරුවන් විසින් පලාගිය ත්‍රිරෝද රථය සහ උකස් කරන ලද රන්භාණ්ඩ සහ සුරයද පොලිසිය විසින් සොයානෙ තිබේ.
(පානදුර - සමන් කාරියවසම් )