ඩුබායි ගුවන් තොටුපොළේදී ජාත්‍යන්තර පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු රුසියානු
තානාපති උදයංග

වීරතුංග රැගෙන ඒම සඳහා විශේෂ නියෝජිතයන් හතර දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අද (7දා) දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත මෙරටින් පිටත් වීමට නියමිතය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියකු මෙම ගමන සඳහා එක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග මහතා මේ වන විට අබුඩාබි හි රඳවා සිටින බවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස රැගෙන එන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.