බාලවයස්කාරියක් දූෂණය කළ තරුණයන් පස් දෙනකු පෙරේදා (19දා) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි. 2016 වර්ෂයේ සිට වරින්වර පෙම් සබඳතා ගොඩනඟා ගනිමින් 15 හැවිරිදි බාල
වයස්කාරියක් මෙලෙස වරින්වර දූෂණයට ලක්වී ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.ඇය අවසන් වරට මාර්තු මස 01 සහ 13 වැනි දින මොරවක ප්‍රදේශයේ පාළු ගොඩනැඟිල්ලකදී දූෂණයට ලක් වූ බවද පැමිණිල්ලේ සඳහන් වෙයි.
දූෂණයට ලක් වූ බාලවයස්කාරියගේ නිවෙස පිහිටි
අවසන් වරට ඇය දූෂණය වූ අවස්ථාවේ ඇයගේ මවට මේ බව දැන ගැනීමට ලැබී ඇත.
ඇය විසින් බාලවයස්කාරිය කැටුව පෙරේදා (19දා) දින මොරවක පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් වරින්වර බාලවයස්කාරිය දූෂණය කළ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් පුද්ගලයන් මොරවක, වරල්ල, පිටබැද්දර යන ප්‍රදේශවල පදිංචි වයස 31, 23, 25, 20 වයස්වල පසුවන පුද්ගලයන් වේ.
දෙනියාය _ ප්‍රියංක ගමගේ