පී.එස්.පී බදු සහනය යළිත් ශ්‍රී ලංකාවට ලබා දීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ත් තීරණය කර තිබේ.
ඒ අනුව

මෙම සහනය ලබාදීමට අදාළ අයවැය පනතට ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉකුත් 23 වැනිදා අත්සන් තබා ඇතැයි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.

2018 වර්ෂයේ අයවැය කල් තැබීමට පෙර ඇමෙරිකානු කොංග්‍රසයට මෙම සහනය සලිත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් 2017 දෙසැම්බර් 31 වැනිදා ජී.එස්.පී බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි විය.
මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට 2020 දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙම බදු සහනය හිමි වන බවයි.
ජී.එස්.පී බදු සහනය මගින් මෙරට අපනයන කෙ‍රෙන භාණ්ඩ සඳහා විශේෂ සහන හිමි වේ.