
මහත්තයා මහසොහොන් බලකායෙ අමිත්
ගිනිතියන්න කියල එයා කවදාවත් කියල නෑ
- බිරිය කියයි
පසුගියදා මහනුවර සිදුවූ ජාතිවාදී කලබල ඇති කිරීමට මූලිකවූ බව පවසමින් අත්අඩංගුවට පත්වූ මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහගේ බිරිය ජයංගනී සිතුම් කුමාරි ඊයේ තමන්ගේ සැමියා නිර්දෝෂී බව කියමින් මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඇය මානව හිමිකම්
කොමිෂන් සභාවේදී
‘මගෙ මහත්තය මහසොහොන් බලකායෙ අමිත් වීරසිංහ මේ වෙනකොට ත‍්‍රස්තවාදී විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කාටවත් හානියක් වෙන දේවල් එයා කවදාවත් කියලවත් කරලවත් නෑ. කඩවල් පල්ලි ගිනි තියන්න කියල සමාජය දැනුවත් කරල නෑ.

අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් ඒ පිළිබඳ ජාතිවාදී ආකල්ප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළ බවට චෝදනා යටතේ ප්‍රධාන සැකකරු අමිත් වීරසිංහ සහායක සුරේද සුරවීර ඇතුළුව සැකකරුවන් 10 දෙනකු පසුගිය 8 වනදා අලුයම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය දැනුම් දී ඇති අතර ඔවුන් දින 14 ක කාලයක් සඳහා රැඳවුම් භාරයේ තබා ඇත.
සම්බන්ධිත වීඩියෝව
කොහෙට හරි ගහමු - අමිත් 22 වන තත්පරයේදී කියන වීඩියෝව