අම්පාරේ මුස්ලිම් හර්තාල් නිසා අසරණවූ පාසල් සිසුන්
කන්ටේනරයෙන් ගෙදර ඇරලවූ දෙමළ තරුණයින්


මහනුවර සිදුවීම්වලට විරෝධය පාමින් කලහකාරී පිරිසක් අම්පාර, කල්මුණේ, සමන්තුරෙයි. ප්‍රදේශවල විරෝධතාවල නිරත වෙමින් බස් රථවලට පහර දීමේ සිද්ධියකින් පසුව පාසල් නිමා වී නිවෙස්වලට යාමට නොහැකිව සිටි පාසල් ළමුන් එකසිය විස්සක් හා ගුරුවරුන් පිරිසක් සිමෙන්ති කන්ටේනරයක නංවාගෙන ආරක්ෂිතව නිවෙස් කරා රැගෙන යාමට ප්‍රදේශයේ දෙමළ තරුණයන් කටයුතු කර ඇත.
කල්මුනේ ආර්, කේ. එම්, දෙමළ විද්‍යාලය, නාවලර් දෙමළ විදුහල. කල්මුණේ වෙස්ලි විද්‍යාලය හා තවත් පාසල් කීපයක දරුවන්ට පාසල නිමා වී නිවසට යෑමට බස් රථ මාර්ගයේ නොමැති වීම නිසා
යතුරුපැදිවල නැගුණු දෙමළ තරුණයන් පනහක

පමණ කණ්ඩායමක් කන්ටේනරයක් රැගෙන විත් මෙම ළමුන් ආරක්ෂිතව නිවෙස්වලට ගෙන ගොස් ඇත.
ඊයේ (6 දා) අලුයම 5.00 ට පමණ අම්පාර, මරදමුණේ, සමන්තුරේ, අක්කරෙයිපත්තු, අට්ටාලච්චේන, කළ්මුණේකුඩි ඇතුළු ප්‍රදේශවල පල්ලි වටා එක්රැස් වුණු කලහකාරී කණ්ඩායම් මාර්ගයේ ටයර් පුළුස්සා බස් රථ අටකට පහර දී අලාභහානි කර ඇත. මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය දෙමළ පුවත්පතක මාධ්‍යවේදියකුටදී බස් රථයෙන් බස්සවා පහර දීමට උත්සාහ ගනිද්දී පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය මැදිහත් වී මාධ්‍යවේදියා ආරක්ෂිතව මුදාගෙන ඇත.

මාර්ගයේ බස් රථ ධාවනය අඩාළ වීමත් සමග පාසල් නිම වී නිවෙස්වලට යාමට නොහැකිව සිටි දරුවන් කටේනරයක් තුළ ආරක්ෂිතව මරඳමුණේ. කල්ලාර් ෆීලවනේ කලාවකුඩි ප්‍රදේශ දක්වා රැගෙන ගොස් නිවෙස්වලට ඇරලවා තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය මාර්ගවල ආරක්ෂාව තහවුරු කර කලහකාරීන් විසිතුන් දෙනකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාර දී ඇත. කල්මුණේ නට්ටච්මුනනේ ප්‍රදේශයේ වෙළෙඳසල් දෙකක් හා නිවසක් ද කලහකාරී පිරිස් විනාශ කර ඇති බව ආරක්ෂක අංශ කියයි.
(ඡායාරූප -සුසන්ත පටබැදිගේ -රිවිර)