මාස දෙකක වයසැති තම කුඩා දරුවා හුස්ම හිරකර ඝාතනය කිරිමේ චෝදනාව යටතේ ලග්ගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කල  සැකකරුවෙකු
අධිකරණයට යළි ඉදිරිපත් කිරීමෙන් පසු පෙරේදා(28) බන්ධනාගර නිලධාරින්ගෙන් මිදී පළා ගොස් ඇත.
කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා නාඋල පොලිසියේ විශේෂ පොලිස් ඒකකයක් මගින් දින දෙකක මෙහෙයුමකින් (28,29) පසු නාඋල තුනේ කනුව ප‍්‍රදේශයේ කැලෑ ප‍්‍රදේශය

දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලග්ගල මාඔය හත්තොට අමුණ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක සැකකරු ඉකුත් ජනවාරි මස 16 වැනිදා ලග්ගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නාඋල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
නාඋල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සුරංග මුණසිංහ මහතා විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඉකුත් දා  (28) යළි ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පසුව සැකකරු ජුලි මස 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නාඋල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සුරංග මුණසිංහ මහතා නියෝග කරන ලදී.
අධිකරණ කටයුතු නිමවා සැකකරු බන්ධනාගාර බස් රථය වෙත රැගෙන එන අතර තුරදී අධිකරණ භූමියෙන් පිටත නවති තිබූ බන්ධනාගර බස් රථයට ඔහු  රැගෙන යන අවස්ථාවේ දි බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී  සැකකරු පස්වරු හතරයි හතලිස් පහට පමණ අත් මාංචු ගලවාගෙන පාලාගොස් ඇති බව පොලිසිය කියයි.
නාඋල පොස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාට ප‍්‍රදේශවාසියෙකු ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව මෙහෙයුම ක‍්‍රියාත්මක කර තිබේ.
අත්අඩංගුවට පත් සකකරු අද(30) ලග්ගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
(නාඋල - ඉන්දික අරුණ කුමාර)