දිර්ඝ කාලයක් තිස්සේ පැවති පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු පිහියකින් හෙද නිලධාරිනියක් වු සිය බිරිඳගේ ගෙලකපා ඝාතනය කළ අයෙකු නිවස ආසන්නයේ වූ ජලය පිරි ගල්වලකට පැන දිවිනසාගන ඇති බව අනුරාධපුර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පෙරේදා (28) රාත්‍රී 9.30ට පමණ ඝාතනයට ලක්වී ඇත්තේ හිදෝගම පොලිස්වසමේ නෙළුබෑව රජයේ රෝහලේ සේවයේ නියුතුව සිටි අංක 07 ආතර් ද
සිල්වා මාවත ශ්‍රාවස්තිවත්ත ශ්‍රාවස්තිපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි අබේසිංහ නානායක්කාරලාගේ මාලා ප්‍රියන්ති (31) හෙද නිලධාරිනියයි. ඇගේ සැමියා වන 36 හැවිරිදි ප්‍රසන්න කුමාර යන අය සියදිවි නසාගෙන ඇත. මරණකාරීයට මරණකරුටදාව මාස පහක දරුවකු සිටින බව පොලීසිය පවසයි.

 ඝාතනයට ලක්වූ හෙදිය මීට පෙර පොලිස් කොස්තාපල්වරයකු සමග විවාහවී සිට දික්කසාදවී, රියදුරකු වූ අරනායක කැගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි  ප්‍රසන්න කුමාර (8) සැකකරු සමග විවාහ වී ඇති බවත් ඔහුටත් පෙර විවාහයෙන් දරු දෙදෙනකු සිටිනා බවත් පොලිසිය පැවසුවේය. මෙම හෙදිය සිය මවගේ නිවසට පැමිණ සිටියදී මෙම ඝාතනය සිදුවී ඇත.හෙද බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව නිවස ආසන්නයේ පිහිටි අඩි 75 ක් පමණ ගැඹුර ගල්වලට පැන දිවිගසාගත් සැකකරුගේ සිරුර ඊයේ (29) දහවල් වනතුරුත් සොයා ගැනීමට නොහැකිවී තිබූ අතර

පොලිස් නිලධාරීන් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා තිසාවැව නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් ඔහු දිවිනසා ගත්තේද යන්න තහවුරුකර ගැනීම සඳහා සිරුර සොයා පරීක්ෂණ සිදුකළහ.

සැකකරු පැන්න බව කියන වළෙහි අඩි 45ක් පමණ ගැඹුරට ජලය පැවතීම නිසා සිරුර සොයා ගැනීම අපහසුවූ බවත් සැකකරු හෙදිය ඝාතනය කිරීමෙන් අනතුරුව ගලට පනින අයුරු මරණකාරියගේ මව දැක තිබෙන බවත් පොලිසිය පැවසුවේය. දිවිනසාගත් බවට සැකකරන සැකකරු නිතර නිතර බිරිඳ සමග ආරවුල් ඇතිකර ගන්නා බවත් ඇය වෛද්‍යවරයකු සමග අනියමි සම්බන්ධතාවක් පවත්වන බවට ඔහු තුළ තිබු සැකයක් නිසා ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

හෙදිය ඝාතනය වනවිට සැමියා සමග ඇතිව තිබු බහින් බස්වීමක් නිසා මවගේ නිවසට පැමිණ සිට ඇති බවත් පෙරේදා (28) රාත්‍රියේ එම නිවසට පැමිණි සැකකාර සැමියා ඇයව නිවස පිටුපසට කැඳවාගෙන ගොස් බහින් බස්වීමක් සිදුවු බවත් මරණිකාගේ මව පොලිසියට පවසා තිබුණි.

ටික වේලාවක් දෙදෙනා අතර ශබ්ද නගමින් බහින් බස්වීම නිසා නිවසට තුළට පැමිණ තිබෙන ප්‍රශ්නයක් විසඳා ගන්නා ලෙස තමන් පවසා විනාඩි කිහිපයක් ගතවෙද්දී දියණිය කගැසීම නිසා දරුවාත් සමග එහිගොස් බලද්දී සිය දියණිය බරපතළ තුවාල ලබා පිළිකනේ වැටී සිටිනු දුටුබවත් බවත් බෑනා දිවගොස් ගල්වලට පණින අයුරු දුටුබවත් මරණකාරියගේ මව පොලිසියට පවසා තිබුණාය.

ගෙළට හා මුහුණට බරපතළ තුවාල  සිදුවූ හෙදිය ප්‍රතිකාර සඳහා අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇතත් ඇය ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පැවසුවේය. දිවිනසාගත් බවට සැකකරන පුද්ගලයා ඝාතනය සඳහා සකසාගත් තියුණු මුවහත ඇති අගල් හයක් පමණ දිග දුනු පිහියක් ගල්වල ආසන්නයේ තිබී සොයා ගන්ධව පොලිසිය පැවසුවේය. අනුරාධපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.