මියයන අවස්ථාවේ ඔහු සමග යතුරු පැදියේ තවත් අයෙකු ගමන් කළ අතර ඔහුගේ යතුරුපැදිය තවත් යතුරු පැදියක හැපීමෙන් අනතුරට ලක් විය.
මොහු සමග ගිය මිතුරාත් එම යතුරු පැදියේ ගමන් කළ තිදෙනාත් එකම ආයතනයේ සේවකයන් විය. ඔවුන් බීමතින් ගමන් කර ඇති බවට
මෙලෙස මියගියේ කොස්ගම බොල්ලතාව ධනුෂ්ක පියරත්න නමැති 22 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය වූ දිනයේ ඔවුන් සියලුදෙනාම වැඩමුර අවසන්වී රාත්රී කාලයේ නිවෙස් වෙත යමින් සිටියදී අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අනතුර සිදු කළ යතුරු පැදියේ එක් අයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අනෙක් දෙදෙනා තවම අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවම සිදුවේ.
- අයිරංගි එදිරිසිංහ