පොලිසියෙන් බව පවසා පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම් පොළේ රැදී සිටි යුවළක් බිය කර එම කාන්තාවට ලිංගික අතවර කර හිංසා කළ බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කීය. අත්අඩංගුවට ගත් තිදෙනා අතර ආබාධිත සෙබළෙකු හා හමුදා සේවයෙන් නිත්‍යනුකුලව ඉවත් වූවෙකු ද වන බව පොලිසිය කියයි.

මොනරාගල පදිංචි කාන්තාවගේ සැමියා පිළියන්දල ප්‍රදේශයේ කොන්ත්‍රාත් සමාගමක අත්උදව් කරුවකු ලෙස සේවය කරන අතර මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදි පිළි ලාබෙට තිබෙන බවට ඇයට පවසා ඇතැයි මෙවර අලුත් අවුරුද්දට ඇදුම් ගැනීමට බිරියට මොනරාගල සිට පිටකොටුවට පැමිණෙන ලෙස

දන්වා සැමියා කොටුවට පැමිණ ඇතැයි පොලිසිය කිය. සැමියා එන තෙක් බස් පොළේ බිරිය සිටින විට ඒ අසල සිටි මෙම පුද්ගලයන් නොයෙකුත් පහත් වචන පවසමින් ඇයට බලපෑම් කර ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත.
මදවේලාවකින් සැමියා පැමිණ ඇති අතර සිය බිරිඳට මුදල් දී අසල වෙළඳ සැලින් වතුර බෝතලයක් රැගෙන එන ලෙස පවසා ඇතැයිද පොලිසිය කියයි.
වතුර බෝතලය රැගෙන ඒම සඳහා යමින් සිටි කාන්තාවගේ ඇඟෙහි එක්
අයෙකු හැපී ඇති අතර ඇය චතුර බෝතලය ගෙන සැමියා අසලට පැමිණ අසුනේ හිඳ ගන්නවාත් සමග එම පුද්ගලයාද කාන්තාව අසලින්ම හිඳගෙන ඇයගේ උකුල ප්‍රදේශයට වැළමිට ප්‍රදේශය ගැවෙන සේ හැසිරී ඇති බවද පොලිස් නිලධාරියෙක් පැවසිය.
එය දුටු සැමියා එයට විරෝධය පල කිරීමත් සමග එම අසුනෙන් නැගී සිටි පුද්ගලයා අසලට අනෙක් දෙදෙනාද පැමිණි අපි පොලිසියෙන් බව කියා පවසා ඇත. තමන්ට කරඳර නොකරන ලෙස ඉල්ලා සිටි විට ඒවා හරියන්නේ නැහැ යමු අපිත් එක්ක පොලිසියට යැයි එම යුවළට පවසා ඇත.
ඒ සමගම එම ස්ථානය එක් රොක් වූ කිහිපදෙනෙකු පොලිසියෙන් යැයි පැවසූ සැකකාර පුද්ගලයන්ගෙන් විවිධ ප්‍රශ්න අසන්නට වීමත් සමග එම ස්ථානයන් පලා
ගිය යුවළ පිටකොටුව පොලිසියේ ඉකුත්ද (20) අලුයම උපසේවා රාජකාරියහි නිරතව සිටි සැරයන් 1675 ඡයවීර මහතාට සිද්ධිය පවසා තිබූ බව පොලිසිය කියයි. ඒ සමගම ක්‍රියාත්මක වූ සැරයන් වරයා කාර්ය භාර නිලධාරි උප පොලිස් පරීක්ෂක
සම්පත් නිලධාරියාට ඒ බව දැනුම් දී බැස්ටියන් මාවතේ පොලිස් මුරපොළේ නිලධාරීන්ගේ සහාය මත සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරිවරයා වැඩිදුරටත් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයන් ඉකුත් කාලය පුරා පිටකොටුව ආශ්‍රිතව රාත්‍රී කාලයේ දී සිදුවූ කොල්ලකෑම් හා අපචාර ක්‍රියාවලට සම්බන්ධ වූවන් දැයි සොයා ප්‍රශ්ණ කරන බව පොලිසිය කියයි.අනුරාධපුරයේ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.