සිද්ධිය වී ඇත්තේ 28 දා දහවල් 12.30 ට පමණ පයාගල ප්‍රදේශයේදීය.
පයාගල පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරුන්ට උතුරු පයාගල ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටින විට කොළඹ සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් නතර කළ අතර එහි රියෑදුරු කියා සිටියේ බස් රියේ සිටි 21 හැවිරිදි තරුණියකගේ කොණ්ඩය කතුරකින් කැපූ
වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහුගේ කලිසම් සාක්කුවක තිබී කතුරේ ප්ලාස්ටික් කවරයද, බස් රථය තුළ තිබූ අඟල් 19 ක් දිගැති වරලස කොටස හා කතුරද අත්අඩංගුවට ගෙන ඇත.
මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී මොහු පවසා ඇත්තේ තමා බළපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලකින් උසස් පෙළද සමත් වූ අයෙකු බවත් තම පාසලේ සිසුවියක සමඟ ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධය බිඳී ගියේ එක්තරා තරුණියක පෙම්වතියගේ මවට කී කේළම් බස් නිසා බවත්ය.
මෙසේ කේළම් කී තරුණියගේ හැඩරුව පෙම්වතිය තමා සමඟ පවසා ඇති බවත් එහෙත් තමා ඇයව මින් පෙර දැක නැති බවත් ඔහු පවසා තිබේ.
සිද්ධිය වූ 28 වැනිදා තමා ත්‍රිරෝද රියක් බැලීම සඳහා මොරටුවට ගොස් ආපසු එමින් සිටියදී පෙම්වතිය කී හැඩරුව සහිත තරුණියක් කටුකුරුන්ද හන්දියේ සිටිනු දැක ඇයට දඬුවමක් ලබාදීමට සිතා එතැනින් බැස ඒ අසල වෙළෙඳසලකින් රුපියල් 60/} කට කතුරක් මිලට ගත් බවද ඔහු පවසා ඇත.
ඉන්පසු ඇය ඇල්පිටිය බලා යන බසයට ගොඩවූ බවත් තමාද බසයට නැග ඇය සිටි අසුනට පිටුපස අසුනේ වාඩිවී සිට ඇයගේ කොණ්ඩය කැපූ බවත් ඔහු ප්‍රකාශ කොට තිබේ.
මොහු මෙසේ දඬුවම් ලබාදී ඇත්තේ තමා මින් පෙර කිසිදු දිනක නොදුටු අයෙකුට බවත්, තම මනසේ ඇඳී තිබූ රුවකට සමාන රුවක් ඇති අයකුට බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම තරුණිය ඔහු සිතා සිටි තරුණිය නොවන බවද හෙළිවී තිබේ.
මෙම සැකකරු ඊයේ (01දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ