යුද සමයේ කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය ඊළාම් බැංකුවලට අයත් පාස් පොත් ගණනාවක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේදී හමුවී ඇතැයි ආරක්ෂක අංශ කීය.උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ මුදල්
ලක්ෂ ගණනින් අහිමි කළ
ඒ යුද්ධය හමාර විමත් සමග ඊළාම් බැංකු ක්‍රමය අහෝසි විම හා එම මුදල වගකීම භාර ගැනීමට අයකු නොමැති වීම හරහා උතුරු නැගෙනහිර ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ඔවුන්ට මෙම ඊළාම් බැංකු ක්‍රමය හරහා අහිමි විය. ඒ අනුව මෙම කරුණු යළිත් කරළියට පැමිණෙන්නේ පසුගියදා කිලිනොච්චිය ප්‍රදේශයේ සාමාන්‍ය වැසියකු වැසිකිළි වළක් කැපීමට යැමේදි ඒ තුළින් පොලිතින් උරයක බහා තිබූ ඊළාම් බැංකු පාස්පොත් තොගයක් හමුවීමත් සමගය.