රත්මලාන බොරුපන පාලම අසල තිබී මෝටාර් උණ්ඩයක් ඊයේ (27) හමුවු බව ගල්කිස්ස පොලිසිය කියයි.
එම ස්ථානයෙන් ගමන්ගත් පුද්ගලයකු එම මෝටාර් උණ්ඩය මුලින්ම දැක පොලිස් හදිසි ඇමතුම් අංශයට කරන ලද දැනුම්දීමක් අනුව එය සොයාගත් බව

පොලිසිය කියයි,

පාලමේ හරි මැදට වන්නට බොල්ගොඩ ගඟට ආසන්නව හඳ පලුවක් ආකාරයෙන් පිහිටා ඇති කොන්ක්‍රීට් තට්ටුව මත තිබි මෝටාර් උණ් හමුවූ බව පොලිසිය කියයි.
මම උණ්ඩය කිසියම් පුද්ගලයකු පොහොර උරයක බහා එම ස්ථානයන් ගෙනවිත් දමන්නට ඇති බව පොලිසිය කියයි.
උණ්ඩය දෙකට කැඩී වෙන්ව තිබූ අතර උණ්ඩයේ පිටුපස කොටස කොන්ක‍්‍රීට් තට්ටුව මතත් බඳ කොටසින් අඩක් පමණ පොහොර උරය තුළත් රැදී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම මෝටාර් උණ්ඩය කිසියම් පුද්ගලයකු ගඟට විසි කිරීමේදී මෙලෙස රැඳෙන්නට ඇති බවට් පොලිසිය සැකකරයි. පාලම දෙපස පරණ යකඩ බඩු එකතු කරන වෙළඳ සල් දෙකක්ද පිහිටා ඇති බව පවසන පොලිසිය කිසියම් පුද්ගලයකු එයට විකිණීම සඳහා රැගෙන එන අවස්ථාවේ මෙය ගඟට විසි කළාද? එසේ නොමැති නම් එම වෙළඳසල් මගින් ගගට විසි කළාද යන්න පිළිබඳව පරික්ෂණ පවත බව පොලිස් නිලධාරියක් පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝමිබ නිෂ්ක්‍රීය අංශය හා  අපරාධ ස්ථාන පරික්ෂක නිලධාරිහු පරික්ෂණ පැවැත්වූහ.