පසුගිය වසරේ පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් අනූනමයෙන් බේරුණ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා පසුගිය රජය සමයේ වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
සැකපිට අපරාධ

පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් කිහිප දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිද්ධිය සිදු වූ 2012 නොවැම්බර් 10 වැනිදා නීතිවිරෝධී ලෙස වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන්ගේ නම් කියමින් ඔවුන් තේරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබේ.ක්ෂේත්‍ර සටහන් පොතේ වෙනත් රාජපකාරියක් සඳහා යන බවට සටහන් කර මෙම කාර්යයට ඔහු ගොස් තිබුණ අතර ඇසින් දුටු සාක්ෂි මගින් ඔහු සැකකරුවෙකු ලෙස නම් කෙරිණි.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් රංගජීව මහතා ඉදිරිපත් කළ පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය  ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
 වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී ඝාතනයට ලක්වූ රැඳවියන් හඳුනා ගැනීම සදහා නියෝමාල් රංගජීව මහතා මූලිකත්වය ගෙන ඇති බව අදාළ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන්ද අනාවරණය විය.
එම වාර්තාවට අනූව නියෝමාල් රංගජිව මහතා වැලිකඩ ගැටුමේ ප්‍රධාන සැකකරුවෙකි.