මේ අනුව පළාත් වශයෙන් ගත්විට බස්නාහිර පළාතෙන් 3601 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් 2051ක් ලෙස ක්ෂය රෝගීන් වාර්තා වී තිබේ.මේ දත්ත අනුව බස්නාහිර පළාතේ ක්ෂය රෝගය තදින් පැතිරයැමේ අවදානමක් පවතින බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය සඳහන් කළාය.
හඳුනානොගත් ඇස්තමේන්තුගත රෝගීන් සංඛ්‍යාව දහතුන් දහසකට අධික යැයි සැලකෙන අතර, වහා මේ රෝගීන් හඳුනා නොගතහොත් එම රෝගීන්ගෙන් තවත් අයට රෝගය
ක්ෂය රෝගය හඳුනාගැනීම සඳහා ඉතා උසස් මටිටමේ රසායනාගාර පරික්ෂණ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පවතින බැවින් රෝගය සහිත යැයි තහවුරු වුවහොත් මාස හයක් නොකඩවා වහාම ප්‍රතිකාර ලබාගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුවකළ හැකි බවත්, ප්‍රතිකාර ලබාගන්නා අයෙකුගෙන් රෝගය කිසිම කෙනකුට බෝ නොවෙන බැවින් ඉහත කී ලක්ෂණවලින් බියපත්ව රෝගය සඟවා නොසිට වහා ක්‍රියාත්මක වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදාට යෙදී තිබේ.