තම කණ්ඩායම කිසි විටක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් නොවන බව පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම පවසයි.

එහි සාමාජික, හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරන්නේ විපක්ෂයේ අසුන්ගත් පසුව පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව රැකගනිමින් ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කිරීමට තම කණ්ඩායම සූදානම් බවයි.

එමෙන්ම, මැයි 8 වනදාට පෙර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වුවහොත් 16 දෙනාට වැඩි පිරිසක් නව පාර්ලිමේන්තු සැසිවාරයේදී

විපක්ෂයේ අසුන් ගනු ඇති බව ද ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

තම බලාපොරොත්තුව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා එහි නිලධාරී මණ්ඩලය වහාම වෙනස් කළ යුතු බව ද ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ එහි ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනා හැසිරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කේළාම්වරුන් දෙදෙනෙකු හැටියට බවයි.