ලොතරැයි දිනුම් හිමිවන ජයග්‍රාහී අංක ඇතුළත්කොට ව්‍යාජ ලෙස ලොතරැයි ටිකට් මුද්‍රණය කොට ඒවාට දිනුමි මුදල් ලබාගැනීමේ
යෙදී සිටි බව කියන පරිගණක විද්‍යා උපාධිධරයක් කිරිබත්ගොඩ පොලිසිය විසින්
31 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරු කඩවත ප්‍රදේශයේ දැන්වීම් කාර්යාලයක් පවත්වාගෙන යන අතර එහි තිබූ ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ලොතරැයි ටිකටිපත් 100 කට අධික සංඛ්‍යාවක් සොයාගත් බව කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
ලොතරැයිපත් ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමට යොදාගත් බව

කියන රුපියල් ලසෂ 6 1/2 ක් පමණ වටිනා මුද්‍රණ යන්ත්‍රයක් සහ කඩදාසිද එහි තිබි පොලිස් භාරයට ගෙන ඇත.
ලොතරැයි ජයග්‍රාහි අංක මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරිමෙන් පසු රුපියල් දාහ සහ දෙදාහ බැගින් ත්‍යාග හිමිවන අංක සහ අක්ෂර යොදා ව්‍යාජ ලොතරැයි පත් මුද්‍රණය කර ඒවා අළවි නියෝජිතයින්ට ඉදිරිපත්කර මුදල් ලබාගෙන ඇති බව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු කරන ලද පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.
ව්‍යජ ජයග්‍රාහි ලොතරැයිපත් ඉදිරිපත්කර ලබා ගන්නා මුදල්වලින් කොටසක් වියදම් කර ලොතරැයි පත් මිලදි ගැනීමද සැකකරු විසින් සිදුකරගෙන ගොස් තිබෙන බව පොලිසිය කියයි.
ලොතරැයිපත් අළෙවි නියෝජීතයකු විසින් කරන ලද පැමිණිල්ලක් මත කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිණි යැයිද පොලිසිය පවසයි.