කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරිම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
පරිගණක ගත මුදල්. එසේත් නොමැතිනම් ඩිජිටල් මුදල් යනුවෙන් හැඳින්වෙන මෙම මුදල් පරිගණක කේත ඔස්සේ ක්‍රියාත්මක වන අතර මහජනයා අතර භෞතිකව සංසරණය වන මුදල්වලට වඩා බෙහෙවින් වෙනස්ය
ක්‍රිප්ටොකරන්සිස් යනුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන මෙම මුදල් පසුගිය කාලයේදි බෙහෙවින් ජනප්‍රිය වූ අතර බිටිකොයින් යනුවෙන් හැඳින්වෙන එය ජනප්‍රිය වූ එක් පරිගණක ගත මුදල් වගයකි. මෙම මුදල් වර්ග භාවිතය මේ වනවිට දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද බෙහෙවින් ජනප්‍රිය වී තිබින අතර

ඒ සමිබන්ධයෙන් අවධානයෙන් පසුවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ. කිසිදු ආකාරයකින් නියාමනයට හෝ අධික්ෂණයට ලක් නොවන නිසා මෙම මුදල් භාවිතය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් හෝ වගවීමක් හෝ නැති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළ ද්‍රවශීලතාවකින් යුත් මෙම මුදල් නීතිවිරෝධී කටයුතු සඳහා වැඩි වශයෙන් භාවිත වීම් අවඳානමක් තිබෙන බව ද පෙන්වා දී තිබේ. ඇතැම් විටෙක මෙම මුදල් භාවිත කරන්නන් නොදැනුවත්වම මුදල් විශද්ධිකරණ නීතිරීතිවලට හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම යන චෝදනාවලට ලස්විම් ඉඩක් තිබන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයෙන් පෙන්වා දි ඇත. වත්මන් තත්ත්වය යටතේ මෙම මුදල් භාවිතය ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට මූල්‍ය, මෙහෙයුම් හා නෛතික යන තත්ව යටතේ තර්ජනවලට ඇතැයි ද
සඳහන් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් භාවිත කිරීම සඳහා කිසිදු සමාගමකට, ආයතනකට හෝ කිසියම් හෝ ඒකකයකට අවසර හෝ බලපත්‍ර හෝ ලබාදි නැතැයි මහ බැංකුව සඳහන් කරයි.