මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ පරමපිල්ලේ ත්‍යාහරන් නමැති අම්පාර මල්වත්ත තම්බිනාත්ගම්පුරහි පදිංචිකරුවෙකි.
මල්වත්ත අලුත් වලතාපිටිය ගමේ පදිංචි කාන්තාවකට මෙම සකකරු විසින් එචන ලදැයි කියන ලිපියෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව (සී.අයි.ඩී.) මගින් පරික්ෂණ පවත්වන බවත් ඒ අනුව ඇය එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවත් දැනුම්දී තිබුණ බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කරුණු දැක්වීය.
යාවජීව සාමාජිකයකු වූ මෙම සැකකරු ඇය මුණ ගැසුණවිට ඇය මුහුණපා සිටින ගැටලුව සැකකරුට පවසා තිබේ.
මෙම සිද්ධියේ සැකකරු ඇයගෙන් ලබාගත් මුදල් වියදම් වූ පසු නැවත එවැනි ලිපියක් ලියා එවා තවත් මුදලක් ලබාගැනීමට කටයුතු කරමින් සිටියදී පැමිණිලිකාර කාන්තාව ඇය දන්නා හඳුනන පොලිස් නිලධාරියෙකුට මෙම සිද්ධිය හෙළි කිරීමෙන් පසුව පොලිසිය දැනුම්වත් කර ඇත. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී මෙම සිද්ධියට සම්බන්ධ ලිපිය ව්‍යාජ එකක් වූ බැවින් ඔහුට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 373 වගන්තිය යටතේ නඩු පවරා මෙසේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මෙම
අදාළ ව්‍යංජ ලියවිල්ලට උසස් පොලිස් නිලධාරියෙකු නිල තනතුර තැබූ ව්‍යාජ රබර් මුද්‍රාවක්ද පොලිසිය විසින් සොයාගැනුණ අතර එයද නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙම
සැකකරුට එරෙහි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සමන්තුර පොලිසිය අධිකරණයේ පෙනී සිටියේය.