මීගමුවේ දී 2005 වසරේ ප්‍රදේශයේ සිදුකළ සොරකමක් සමීබන්ධයෙන් මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය මාකඳුරේ මධුෂ් නැමැති පාතාල සාමාජිකයාට විරුද්ධව විභාග වන බී. 1832/2005 දරන නඩුවට දිගින් දිගටම අධිකරණය මගහැරීම නිසා ඔහුට ඇප ලබාදීමට ඉදිරිපත් වූ ඇපකරු වන ඔහුගේ පියා රිමාන්ඩ් බාරයට පත්
කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා පසුගිය දා නියෝග කළේය. ඒ අනුව මාකඳුරේ මධුගේ පියා වන කඹුරුපිටිය ගතාර පදිචි සමරසිංහ ආරච්චිගේ පියදාස නමැත්තා රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවද පොලිසිය කියයි.
මෙම නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ සැකකරු දිගින් දිගටම

අධිකරණ මගහැර සිටි අතර ඔහුට ඇප ලබාදීම සඳහා ඉදිරිපත්ව සිටි පියාට ද නොතිසි නිකුත් කිරිමෙන් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කළ බව පොලිසිය සඳහන් කරයි. ඩුබායි හි රැදි සිටි මෙරට පාතාලය මෙහෙයවමින් මිනිමැරුම් කප්පම් ගැනීම ඇතුළු අපරාධවලට නිරත අමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධුෂ් නැමැත්තා අල්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. එහි මුල් පියවර වශයෙන් ඉදිරි සතියේ ඔහුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.
චෝදනා ගොනු කිරිමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රත වරෙන්තුවක් ලබා ගැනීමට ක්‍රියා කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.