ශ්‍රී ලංකාවේ මාධ්‍ය මෙන්ම සමාජ වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ පමණක් ප්‍රශ්න ඇති බවට පෙන්නුම් කළත් ශ්‍රී ලංකාවේ පමණක් නොව සෑම රටකම ප්‍රශ්න තිබෙන බව ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා ප්‍රකාශ කරයි.බිංගිරිය දේවගිරි විහාරස්ථානයේදී ඊයේ (28දා) රාජ්‍ය වෙසක් උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“අපට තිබෙන දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න හා සමාජමය ප්‍රශ්න ගත්විට අපේ රටේ මාධ්‍ය, සමාජ වෙබ් අඩවි පෙන්නුම් කරන්නේ මේවා මේ රටේ පමණක් තිබෙන ප්‍රශ්න ලෙසටයි. නමුත් මේ ප්‍රශ්න වර්තමාන කාලය තුළ ලෝකයේ බොහෝ රටවල් වල
ඒ නිසා මේ සියලු අභියෝග මිනිසුන් විදියට ජයගන්න අපි සියලූ දෙනාට ආත්ම ශක්තියක් ආත්ම ධෛර්යයත් ඒ සඳහා කැපවීමට හැකියාවත් තියෙන්නට ඕනෑ. සොබාදහමින් හෝ වේවා අනෙකුත් ආර්ථික හෝ වාණිජ කරුණු මත වේවා කුමන බාධක එල්ල වුණත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙත් ගත හැකි සෑම සුබවාදී පියවරක්ම රජය විසින් ගන්නා බව මා සඳහන් කිරීමට කැමතියි.”