හිසතෙල් ගෑමේ ජාතික උත්සවය වෙනුවෙන්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍යංශය වාර්ෂිකව නිකුත් කරන අත්පොත සඳහා ජනාධිපතිවරයා නොමග යවමින් අධික මුදල් නාස්තියක් සිදු කර ඇතැයි සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය කේ.පී.ආර්.එස්. ගුණරත්න මහතා මේ බව අනාවරණ කළේය.
හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය, දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් දස වසරක සිට වාර්ෂිකව
පවත්වනු ලබන අතර එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සංගමයේ චෝදනාව එල්ල වී ඇත්තේ ඒ වෙනුවෙන් බෙදා දීම සඳහා මුද්‍රණය කරන අත්පොත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙනි.
"2015 වර්ෂයේ අත්පොත් 2,000ක් පමණ මුද්‍රණය කර තිබුණා. ඒ පොත් ප්‍රමාණය වැඩි බව අප පෙන්වා දුන් පසුව 2017 වර්ෂයේදී එම ප්‍රමාණය අඩු කරනු වෙනුවට දසදහසක් දක්වා වැඩි කළා. මේක මහජන මුදල් නාස්තියක්. මේ වෙද්දී ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කිසිම පර්යේෂණ කෘතියක් ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැහැ. ආයුර්වේද සමීක්ෂා, චරක සංහිතාව,
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම චෝදනාව සම්බන්ධයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස්වරිය පැවසුවේ හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට මුදල් වෙන් කරන්නේ මුදල් අමාත්‍යංශයෙන් වන බැවින් අමාත්‍යංශය වෙනස් වීමෙන් ඒ සඳහා වෙන් කරන ලද මුදල අදාළ අමාත්‍යංශයට බැර වෙන බවත් එම මුදල දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මුදල් නොවන බවත්ය.