නව වසර උදාවීමේදී ගම්පොළ මිල්ලගහමුල කිරිමැටිය ප්‍රදේශයේ තේ වත්තක තිබී හමුවූ බිළිඳියකගේ මළසිරුරක් පිළිබඳව ගම්පොළ පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

මහා මාර්ගයේ මීටර් 50 ක් පමණ පහළින් වන්නට තිබූ මෙම බිළිඳු මළසිරුර එම ප්‍රදේශයේ කාන්තාවක් දැක ගම්වාසීන්ට දැනුම් දුන් පසු පොලීසියට මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු මෙසේ පරීක්ෂණ අරඹා තිබේ.
අලුත ඉපදුණු කිරිකැටියකු කිසියම් අයකු රැගෙන යතැයි සිතා මාර්ගය අයිනේ

තැබුවද සත්තු විසින් තේ වත්තේ පහළට ඇදගෙන ගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලීසිය මේ පිළිබඳ සැක කරයි.
සතෙකු විසින් ඇදගෙන ගොස් අතක් හා පාදයක් කා දැමීමේදී රුධිරය ගලාගෙන ගොස් ඇති නිසා මෙම බිළිඳිය මිය යන්නට ඇතැයි මෙසේ සැක කෙරේ.

අලුත් අවුරුද්ද ප්‍රීතියෙන් සැමරීමට සුදානම් වූ ගම්වාසීන් මෙම මළසිරුර හමුවීමත් සමග දැඩිසේ කම්පාවට පත්ව සිය ගණනක් එම ස්ථානයට රොක්වූහ. බිළිදා ප්‍රසූත කර මහමග දමා ගිය මවට ශාප කරන අයුරුද දක්නට තිබුණි.

මෙම ස්ථානයට පැමිණි ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් උඩුවන මහතා මේ පිළිබඳ පශ්චාත් පරික්ෂණයක් සිදුකරන ලෙස දැන්වූ අතර මේ වන විට මළසිරුර ගම්පොළ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.