නව පුර්ණ කැබිනට් මණ්ඩලය ලබන සතියේ
ඡන්දෙට එජාප ශ්‍රීලනිප තනි ලකුණකින් ඇවිත්
පොහොට්ටුව පරද්දනවා
- ඇමති රාජිත
පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (22) පස්වරුවේ පැවැති උත්සවයක් අමතමින් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙසේ කීය.
“නව පුර්ණ අමාත්‍ය මණ්ඩලය ලබන සතියේ දී දිවුරුම් දෙනවා. මෙම නව කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක හැදැරීමක් යටතේ සකස් කර තිබෙනවා. පුර්ණ කැබිනට් මණ්ඩලයක් තමයි දිවුරුම් දෙන්නේ. දැනට සකස් කර ඇති කැබිනට් මණ්ඩලය පිළිබද ලේඛණය ජනාධිපතිවරයා මහා බ්‍රිතාන්‍ය යේ සිට පැමිණි පසු
සාකච්ඡා කිරීමෙන් අනතුරුව දිවුරුම් දීමට නියමිතයි.
ඉන් පසු එක
පළාත් පාලන මැතිවරණයේදීත් මම යෝජනනා කළා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට මැතිවරණයට ඉදිරිපත් වෙමු කියලා. නමුත් ඊට වඩා ලොකු පණ්ඩිතයෝ හිටියා අපට දේශපාලනය උගන්වන්න. යෝජනාව අග්‍රාමාත්‍යවරයා පිළිගත්තත් ජනාධිපතිවරයා ලග සිටි නීතිඥවරුන් වෙන මතයක් දැරුවා. එම නිසා තමයි අන්ද මන්ද ඡන්ද ප්‍රතිඵලයක් ලැබුනේ. අපි අමාත්‍යධූරවල හැමදාම ඉන්නේ නැහැ.
නමුත් අමාත්‍යධුරයෙන් සමුගන්නා කාලය දිර්ඝ කර ගැනීමට වැඩකළ යුතුයි. ඡන්ද ප්‍රතිඵලයත් සමග සියල්ල තේරුම් ගැනීමෙන් පසු දැන් වැඩ කරන්න පටන් අරන්. ඒකාබද්ධ විපක්ෂයට වසර 2020 පැවැත්වෙන මැතිවරණය ජයගන්න බැහැ. මුස්ලිම් සහ දෙමළ ජනතාවගේ ඡන්ද නොමැතිව ඔවුන්ට සියයට 50 ක් ගන්න බැහැ. වත්මන් රජය සියලුම බලවේග ඒකාබද්ධ කර ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කරනවා. පාඩම් ඉගෙනගෙන තිබෙන නිසා හොද ගමනක් යන්න පුලුවන්. අපි බෙදී වෙන්වී ඡන්ද කළොත් පරාද වෙනවා. එකමුතුව ජයගත යුතුයි. ජනතාවට නිවැරදි වැඩපිළිවෙළක් දියත් කරනවා”