1951 වසරේ ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවකින් පී. වැලිකල විසින් නිෂ්පාදනය කළ ගුවන්විදුලි නාට්‍යයකින් ඇය ක්ෂෙත්රයට පිවිසි අතර ඉන්පසු දශක හයහමාරක් පමණ සිය වෘත්තියේ නිරත විය.
ආසියාවේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍යය වූ මුවන් පැලැස්ස ට ඇය සම්බන්ධ
'අනේ මස්සිනේ' , 'උතුරේ රාහුල' , 'බොරැල්ලේ ගෙදර' , ඇතුළු වේදිකා නාට්‍ය රැසකටද ඇය රංගනයෙන් දායක වී ඇති අතර මුවන් පැලැස්ස, මරුවා සමග වාසේ, බට්ටි ඇතුළු සිනමා පට 40 කට පමණ රංගන දායකත්වය ලබා දී ඇත. ටෙලිනාට්‍ය රැසකද විවිධ චරිත රගපෑ ඇය අවසන් වරට රංගනවෙන් දායක වූයේ 'කෝරළේ මහත්තයා' ටෙලි වෘතාන්තයට ය.
දේහය 8 ඉරිදා උදෑසන සිට 25/1 සී, වෙඩිකන්ද පාර, රත්මලාන නිවසේ තැන්පත් කර තබන අතර , අවමගුල් කටයුතු 9 සදුදා සවස 4 ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.