විශේෂ රාජකාරී කටයුත්තක් සඳහා වත්තල ඇලකන්ද ප්‍රදේශයට ගිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකුට එහි සිටි දස දෙනකුගෙන් යුත් මැර පිරිසක් කළ පහරදීමක් හේතුවෙන් එම නිලධාරීන් දෙදෙනා තුවාල ලබා පෙ‍රේදා  (25)දා පස්වරුවේ රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන්

පොලිස් මාධ්‍ය  ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදුන් මැර පිරිසේ ප්‍රධානියා මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන් පැමිණි යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති බවත්ය.

සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලිසිය මඟින් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව පැවැසූ ඒ මහතා ප්‍රහාරයට ලක්වූ නිලධාරීන් දෙදෙනාට බරපතළ තුවාල සිදුව නැති බවත් පැවැසීය.