ත්‍රිරෝද රථ සඳහා බිල්පත් නිකුත් කළ හැකි මීටරයක් සවිකිරීම අනිවාර්ය කරමින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පනවා තිබූ නීතිය ක්‍රියාත්මක වීම තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව එම
සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවැසීය.

මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව විසින් මෙම නීතිය පසුගිය අප්‍රේල් 20 දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට තීන්දු කළ අතර ඉන්පසු ත්‍රිරෝද රථ සංගම් ඒ සඳහා විරෝධතාවක් ප්‍රකාශ කළේය.ඒ අනුව

මෙම නීතිය එළඹෙන ජූනි 20 දා තෙක් අත්හිටුවීමට මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව පියවර ගෙන ඇත.

මේ අතර මෙදින වන විටත් ත්‍රිරෝද රථ රියැදුරන් අදාළ මීටර් සවි නොකළහොත් එවැනි ත්‍රිරෝද රථ වැටලීමට පොලීසියට දැනුම් දීමට සිදුවන බවද වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කීවේය.

මගීන් වෙත බිල්පත් නිකුත් කිරිමේ මීටරයක් ත්‍රිරෝද රථ හිමියන් මිලදී නොගතහොත් අදාළ මගීන් වෙත ගමන් ගාස්තුව හා අනිකුත් විස්තර සහිත බිල් පතක් අතින් ලියා හෝ ලබාදිය යුතු බවද සිසිර කෝදාගොඩ මහතා පැවැසීය.