යාපනය ප්‍රදේශයේ පාසලක 12 හැවිරිදි දැරියන් හත් දෙනෙකු බරපතළ අපයෝජනයට ලක් කළ බව කියන ගුරුවරයෙකු පෙරේදා (23) අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය කියයි. මෙම ගුරුවරයා කාලයක
සිට 7 වසර දැරීයන් හත්

දෙනෙකු අවස්ථා කිහිපයකදි අපයෝජනයට ලක් කොට ඇති අතර ඒ බව තවත් අයෙකුට නොකියන ලෙසට දැරියන් බිය ගන්වා ඇති බවද කියති.
ගුරුවරයාගේ කරදරය ඉවසා ගැනීමට නොහැකි වූ දැරීයක් සිද්ධිය පළමුව දෙමාපියන්ට පැමිණීමෙන් පසුව දෙමාපියන් විසින් තෙලිප්පලෙයි පොලිසියට පැමිණිලි කර ඇත. අනතුරුව තෙලිප්පලෙයි පොලිසිය විසින් සිදුකරන ලද පරීක්‍ෂණවලදී අපයෝජනයට ලක් වූ අනෙක් දැරීයන්ද තමන්ට වූ තර්ජනයන් පිළිබඳ
පොලිසියට සැපයීමෙන් පසුව අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට තෙලිප්පලෙයි පොලිසිය විසින් පියර ගෙන ඇත. අත්අඩංගුවට ගත් ගුරුවරයා ඊයේ (24) දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ දැරියන්ගේ දෙමාපිය හා ප්‍රදේශවායිහු අදාළ ගුරුවරයාට එරහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට ද ඉල්ලා සිටිති