මැලේසියානු මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් ලබමින් මැතිවරණයකින් තේරී පත්වූ ලොව වයස්ගතම අගමැතිවරයා බවට පත්වීමට එරට පරිවර්තනයක් සිදු කළ 92 හැවිරිදි මහතීර් මොහොමද් නැවත සමත් විය.
1981 සිට 2003 දක්වා අවුරුදු 22ක් මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරය දරමින් එරට විශාල පරිවර්තනයක් සිදු කළ ඔහු
1957 වසරේ සිට එරට පාලන බලය වරින්වර අඛණ්ඩව ලබා සිටි තමාද කලක් නියෝජනය කළ බරිසාන් නැෂනාල් පක්ෂය පරාජය කර 2015 වසරේදී ආරම්භ කළ ‘පකතාන් හරපාන්’ සන්ධාන පක්ෂයෙන් මෙම ජය ලබාගැනීම විශේෂිතය.
උපතින් ඉන්දියානු පියෙකුගේ හා මැලේ
ඔහු සිංගප්පූරුවේදී වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයෙකු ලෙස මැලේසියාවේ ගම් පළාත් වල සේවය කරන කාලයේ මැලේ ජාතික ප්‍රජාව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ අතර ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් දේශපාලනයට පිවිසියේය.
පසුව ඔහුගේ පක්ෂයේ නායකත්වය දක්වා ඔහු ගමන් කළේය. 1981 අගමැති ධූරයට පත්වූ පසු ඉතා ඉහළ කළමනාකාරීත්වයකින් මැලේසියාව සංවර්ධනය කිරීමට ඔහු පියවර ගත් අතර විවිධ විප්ලවකාරී තීන්දු තීරණ ගනිමින් මැලේසියාවේ කර්මාන්ත සංවර්ධනය වේගවත් කළේය.
අග්නිදිග ආසියාවේ දියුණු රාජ්‍යයක් බවට මැලේසියාව පත් කිරීමට ඔහු කළ මෙහෙවර තවමත් පරම්පරා ගණනාවක් අගය කරති. 2003 ඔහු දේශපාලන වශයෙන් පරාජයට පත්වූ නමුත් දේශපාලනය අත්හැරියේ නැත. ඔහුගෙන් පසුව පැමිණි නායකයින් වැඩි දෙනෙකු විවිධ දූෂණ චෝදනා වලට ලක්විය. නැවත රට භාරගන්නට අලුත් පෙරමුණක් සාදාගෙන මැතිවරණයට ඉදිරිපත්වන්නට ඔහු තීරණය කළේ ඒ අනුවයි.
ඊයේ ලෝකයේ වයෝවෘද්ධම අගමැති ලෙස ඔහු මැතිවරණය ජයගත්තේ එයින් පසුවයි.