දියණියට විරුද්ධව ඊයේ (02) අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. දියණියන් දෙදෙනාගේ තාඩන පීඩන විඳ දරා ගැනීමට නොහැකිව අන්ත අසරණ භාවයට පත්වී සිටින්නේ අනුරාධපුර විහාරහල්මිල්ලෑව විහාරපාළුගම ලිපිනයේ පදිංචිව සිටින තිදරු මවක් වන 58 හැවිරිදි පී,ධර්මලතා මහත්මියයි.
සිවිල් ආරක්ෂක බළකා දෙපාර්තමේන්තුවට අනුයුක්තව අනුරාධපුර මහමෙවුනා වැඩ බිමේ සේවයේ නියුතු සෙබළියක ඇගේ සහෝදරිය හා පියා පැමිණිලිකාරියට අයත් ඉඩම් සහිත නිවසේ පදිංචිව සිටින අතර පිළිකා රෝගයෙන් පීඩා විඳින ඇය රෝහලේ පැවැති නිවසට සහභාගි වී නැවත සායනයට පැමිණිය අවස්ථාවේ සිවිල් ආරක්ෂක සෙබළිය පෙරමුණු ගෙන ඇයව නිවසින් පන්නා දැමු බව ඈ පැවැසුවාය.
ඇය උණු වතුර බෝතලයක් හා බෙහෙත් වර්ග කිහිපයක් සමග කුඩා රෙදි කැබැල්ලක් පොරවාගෙන බස් නැවතුමේ නිදා සිටින අයුරු එහි ගිය අයට දැක ගන්නට ලැබුණි.
මාධ්‍යවේදියා කළ දැන්වීමට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරීවරයා ඒ පිළිබඳව සොයා බලන ලෙස උඩමළුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට දන්වා තිබෙන අතර එහි පොලිස් කණ්ඩායමක් මව හමුවට ගොස් ඇය කාගේ කවුරුන්ද යන්න තහවුරු කර ගැනීමෙන් පසුව නැවත සිවිල් ආරක්ෂක බළකා සෙබළියගේ නිවසට එම මව ඇරලවීමට කටයුතු කර තිබුණි. පොලීසිය ඇය නිවසට ඇරලවා විනාඩි කිහිපයක් ගත වෙද්දී දියණියන් දෙදෙනා ඇයව නැවතත් නිවසින් පන්නා දමා තිබේ.
අද (03) දිනයේ ඔවුන්ට හා පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාව අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවා පැමිණිල්ල විභාග කිරීමට නියමිතය. පැමිණිලිකාර පිළිකා රෝගී කාන්තාවගේ පුත‍්‍රයා නාවික හමුදාවේ සේවය කරන බවත් ඔහු සහ ලේල්ලිය ඇයට හොඳින් සලකන බවද පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.