ලංකාවේ නමගිය දේශපාලනඥයින් රැසකගේ හඳහන් පරීක්ෂකයකු ලෙස කටයුතු කළ ඔහු පුවත්පත්වල පලාපල විස්තර පළකිරීම නිසා
ප්‍රසිද්ධියක් ඉසිලූ අයෙකි.
72 හැවිරිදි පෙරේරා මහතා
මියයාමට හේතුවූ කරුණු තවම පැහැදිලි නොවන නමුත් ආර්ථික ප්‍රශ්න උත්සන්නවීමෙන් ඇතිවූ කල කිරීම නිසා මෙවැන්නක් කරගන්නට ඇති බව මරණ පරීක්ෂණයේදී ලබාදී තිබෙන සාක්ෂි වලින් අනාවරණයවී තිබේ. ඔහු අධික ණය බරකින් පීඩා වින්ද බවත් ණය දුන් අය ඔහුට නිරන්තර කරදර කරමින් සිටි බවත් පවුලේ අය එහිදී පවසා තිබේ.
පසුගිය කාලයේ දේශපාලන පෙරළි ගැන රටේ විවිධ ජ්‍යොතිෂ්‍යවේදීන් පළකළ අසාර්ථක අනාවැකි හේතුවෙන් මෙම වෘත්තීය ක්ෂෙත්රය පිරිහීමට ලක්වූ අතර
ව්‍යාපාරික වශයෙන් වැඩි දෙනෙකුට පාඩුද සිදුවිය. පීඩී පෙරේරා මහතා ජ්‍යොතිෂ්‍ය සංගම් සමග එක්ව මෙම වෘත්තීය ගැටලු ගැන මාධ්‍ය සාකච්ඡාද පැවැත්වූ අයෙකි.