සෙනසුරාදා (12) රාත්‍රී 9 ට පමණ ප්‍රංශයේ පැරිස් නුවර ඔපෙරා නමැති ජනාකීර්ණ දිස්ත්‍රික්කයේ මහමගදී සිදුවූ පිහි ඇනුම් කිහිපයකින් පුද්ගලයෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලැබු අතර ඉන් දෙදෙනෙකු බරපතල තත්වයේ පසුවේ.
මෙම සිදුවීම නිසා 29 හැවිරිදි
පිරිමි පුද්ගලයෙකු මරු දුටු අතර 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හා 54 හැවිරිදි කාන්තාවක බරපතල තත්වයේ පසුවේ.
පොලිසිය සිදු කළ විමර්ශනවලදී මෙම මිනීමැරුම් කළ පුද්ගලයා රුසියාවේ චෙච්නියාවේ උපන්නෙකු බවට වාර්තා පළවන අතර ප්‍රහාරය අයිඑස් ත්‍රස්ත ක්‍රියාවක් බව ඔවුන්ගේ ප්‍රවෘත්ති වාර්තා මගින් දන්වා ඇත.