පවත්වන බවට මේ දැරියට චෝදනාවක්ද කරමිනි .
ඊයේ (01) පෙරවරුවේ මේ දැරියගේ ඥාතීන් හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා හමුවීමෙන් පසු පොලිස් අධිකාරී වරයාගේ උපදෙස් පරිදි මේ පැමිණිල්ල සිදු කර තිබේ. හලාවත ආරච්චිකටුව පොලිස් බල ප්‍රදේශයට
වයස අවුරුදු පහළොවක දැරියක් මේ අතවරයට ලක්ව ඇති අතර අවස්ථා කීපයකදීම විදුහල්පතිවරයා තමන් කැදවා බියගන්වා අතවර කළ බව මේ දැරිය පැවසුවාය. තමන් ප්‍රදේශයේ කිසිදු තරුණයෙකු සමග අනවශ්‍ය මිත්‍ර කමක් නොපැවත්වුවත් විදුහල්පතිවරයා ප්‍රදේශයේ තරුණයකුගේ නම් කියමින් ඔවුනට ආදරය නොකරන ලෙසත් තමන්ගෙන් ඒ ආදරය ලබා ගන්නා ලසත් ඉල්ලා සිටීම හේතුවෙන් අධ්‍යපන ගමන පවා නතර කළ බව පැවසූ මේ දැරිය තමනට මෙන් තවත් දැරියන් කීප දෙනෙකුටම විදුහල්පතිචරයා මෙලෙස අතවර කර ඇති බවද පැවසුවාය.
මුලික පරීක්ෂණයකින් අනතුරුව මේ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ක්‍රියා කරන බව හලාවත කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක සද්ධාමංගල සුභසිංහ මහතා පැවසිය.