රාජපක්ෂ රෙජීමය නැවත බලයට ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් කරනුයේ තමගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමාගැනීම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී ඊයේ (24) පැවැසීය.
රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් පෙනීසිටින මාධ්‍යවේදීන් ගණනාවකට
රෙජිමය යළි බලයට පැමිණියහොත් අතුරුදන් වන්නට සිදුවනු ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු ඇඟවීය.. අගමැතිවරයා මෙසේ පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නව ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය ධුරයේ වැඩබාරගත්

උත්සවයේදී අදහස් දක්වමිනි. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. රෙජිමය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදින් ගණනාවකට ඔවුන් බලයට පැමිණියහොත් අතුරුදන්වන්නට සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි. මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබා ගන්න. නැවත හමුදා පාලනයක් ළඟා නොකිරීම අපේ අරමුණයි.
රාජපක්‍ෂලා වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජිමයක් ඇති කිරීමයි. එය රාජපක්ෂ "රෙජීමය 2" ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යද? "රාජපක්‍ෂ රෙජිමය 2" අවශ්‍ය ද කියා තීරණය කරන්න‘
.