වසර 15 ක් පමණ විදේශ රැකියාවක යෙදී මෙරට පැමිණ සිය නිවසේ කසිප්පු පෙරනු ලැබූ කාන්තාවක් මල්වතුහිරිපිටිය පොලිසිය මගින් (30 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.


තවද

එම නිවසේ තිබී කසිප්පු බෝතල් 15 ක් (මිලි ලීටර් නව දහසක්) හා ගෝඩා මිලි ලීටර් දෙලක්‍ෂ දෙදහස් පන්සියක් අඩංගු ගෝඩා බැරල් 03 ක් ඇතුළු පෙරීමේ උපකරණ රැසක්ම පොලිස් භාරයට ගෙන තිබේ.

උඩුතුත්තිරිපිටිය ප්‍රදේශයේ පිහිටි එම නිවසේ නාන කාමරය කසිප්පු පෙරීම සඳහා යොදා ගෙන තිබූ අතර මේ කාන්තාව පිරිමියෙකු සමඟ රහසිගතව මෙය සිදු කර ඇත.
වරපලාන ජංගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම වැටලීම සිදු කළහ.උඩුතුත්තිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මේ කාන්තාව ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.