නිවසකට අයුතු ලෙස ඇතුළු වී අවුරුදු 16 ක් වයසැති පාසල් සිසුවකුට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු
ලබන 13 වැනිදා දක්වා
මිනුවන්ගොඩ මැටිකොටමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සිසුවා පාසල නිමවී නිවසට විත් ඇඳුම් මාරු කරමින් සිටින අවස්ථාවේ නිවසේ පිටුපස දොරෙන් ඇතුළු වී ඇති සැකකරු සිසුවා බියගන්වා අතවර කර ඇති බවත් නිවසේ නොසිටි සිසුවාගේ මව නිවස තුළට පැමිණෙන අවස්ථාවේ සැකකරු සිසුවාට ලිංගික අතවර කරන අයුරු දුටු බවට සිසුවාගේ මව විසින් පොලිසියට ප්රකාශයක් ලබාදී ඇති බවත් පැමිණිල්ල මෙහෙයවමින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති සැරයන් අබේරත්න (20305) නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.