දේහය රෝහලට භාර දුන් අය ඒ ගැන වගකියමින්
රෝහල් පොතේ සටහන් තැබිය යුතු වුවත්
රෝගියෙකු කියමින් ඇයගේ නිසල සිරුර භාරදී පළායාමට ඒ අය කටයුතු කර තිබුණ අතර වාහනයේ අංක ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසියට එම මිනිමැරුම සිදුකර පළාගොස් ඇත්තේ ඇගේම පෙම්වතා බව සොයාගන්නට හැකි විය.
තම පෙම්වතියට පහරදී ඝාතනය කළ බව තරුණයා පිළිගත්තේය. මෙසේ අවාසනාවන්ත ලෙස මියගියේ ඌරගස්මංහන්දිය යටගල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉලන්දාරී දේව සුරංගි සඳමාලි (24) නැමැති එම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කළ සේවිකාවකි. හිරිමල් යෞවනයට පැමිණි සුරංගි මීට වසර හතරකට පමණ පෙර මිරිස්වත්ත ප්‍රදේශයේ වෑන් රථ රියැදුරකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තේය.
දෙදෙනාට දෙදෙනා නොදැක දිනක් ගෙවා දැමීමට නොහැකි සේ මේ ආදර බැදීම ශක්තිමත්ව බැඳිණි. තමා අතිශයින් ආදරය කරන සිය
දින සති මාස ගෙවිණි. සුරංගිගේ පෙම්වතාගේ විවාපත් බිරියට සිය සැමියාගේ අසම්මත ප්‍රේම සම්බන්ධතාව දැනගන්නට ලැබිණි. ඔවුන් දෙපළගේ පවුල් ජීවිතය දෙදරා යන හෙණ ගෙඩියක් බඳු මේ රහස කැදැල්ලේ සතුට, සැනසුම පුලුස්සා දැමුවේය. වරදක් සිදු වුවද සිය සැමියා රැක ගන්නට බිරිය ඉවසීමෙන් ක්‍රියා කළ මුත් පලක් නොවූවාය. ඇය සිය දරුවාද රැගෙන මේ අශීලාචාර සැමියා හැරදමා යන්නට අදිටන් කර ගත්තාය. දරුවා රැගෙන යැමට සිය සැමියා ඉඩ දුන්නේ නැත. ඇය සිය දරුවාදා දමා සැමියාගෙන් වෙන්ව ගියාය.
දැන් ඔහුට ඉබ්බා දියේ දැමිමාසේ සතුටුය. තම අනාගත සහකාරිය ගැන සිහින මැව්වේය. රූප සෝබාවෙන් යුත් සුරංගි ගැන දිවා රැ සිතුවේය. මේ අතර තමා පණ මෙන් ආදරය කළ පෙම්වතා විවාහ වූ අයෙක් බවත් දරුවෙක් සිටින පියකු බවත් සුරංගිට දැනගන්නට ලැබිණි. ඇය ජීවිතයේ ලද වේදනාත්මක පණිවුඩය එය වූවාය. වේදනාව වෛරය පිරී මේ අසුන්දර පුවත මොවුන් දෙදෙනා දුරස් කළහ. අවංක නොවුණු තම පෙම්වතාට තවත් ආදරය කිරීමට ඇයගේ හිත අවනත නොවූවාය. ඇගේ මවුපියෝද මේ සම්බන්ධයට විරුද්ධ වුහ.
සිය ආදර චාරිකාවේ සියලු මතකයන් අපහසුවෙන් හෝ අමතක කර දමන්නට සුරංගි නිතර වැයම් කළාය. නමුත් පෙම්වතා ඇයට ඉඩ දුන්නේ නැත. ඔහු පසුපසින් පැමිණියේය. ඇය යන හැම තැනකම මව සමඟ ගියේ මේ නිසාය. ආදරයෙන් අන්ධ වී ගිය වංක පෙම්වතා ඇය තමා සතු කර ගැනීමට අවස්ථාවන් සොය සොයා පිඹුරුපත් සකස් කළේය. සුරංගි බලෙන්ම වෑන් රථයට නංවා ගත්තේය. දෙදෙනා
ලලිතා විජේසේකර සුරංගිගේ අම්මාය. ඇය මෙසේ පැවැසුවාය.
"මගේ දුව හැමදාම සවස 7.15ට. විතර ගෙදරට එනවා. එත් ඇය එදා (12දා) ගෙදර ආවේ නැහැ. මම කෝල් ගත්තම අම්මේ කියනවා. ආයත් ටිකකින් දුරකථන ඇමතුම විසන්ධි කරනවා. රැ 11.00ට විතර ගැහැනු කෙනෙක් මගේ ජංගම දුරකථනයට කතා කරලා දුවට අපි කරන්න ඕන දේ කළා කියලා දුරකථනය තිබ්බා. ඊට පස්සේ මම දුවට ඇමතුම් ගත්තත් ඇමතුමට සම්බන්ධ වනවාත් එක්කම දුරකථනය විසන්ධි කරනවා. එළිවෙන කොට පණිවුඩයක් ආවා දුවගේ මළසිරුර බළපිටිය මුලික රෝහලේ තියෙනවා කියලා. දුව කෙනෙක් ඒක්ක යාළුවෙලා හිටියා. එයා බැඳපු කෙනෙක් කියලා දැනගත්තාම දුව එයාට කැමැති වුනෙත් නැහැ. ඒත් එයා දුව අතහරින්න කැමති වුණේ නැහැ. ඇය පස්සෙම ඔහු ආවා. දුව එදත් වැඩ ඇරී ගෙදර එන්න ඇවිත් තියෙනවා. ඒ එන අතරමගදී තමයි වෑන් රථයකින් ආපු කට්ටියක් දුව බලෙන් එම වෑන් රථයට දාගෙන ගිහිල්ලා තියෙන්නේ
ඔය දරුවා හරි ගුණ යහපත් දරුවෙක්. අහිංසක දරුවෙක්. කාටවත් කරදර කරන කෙනෙක් නෙවෙයි. ගාමන්ට් එකේ යාළුවොත් එක හරි හිතවත්ව වැඩ කළා. මම එදා උදේ ගාමන්ට් එක ගවට ගිහිල්ලා එයා ඇරැලුවා. ඇතුළට යනකන් බලාගෙන හිටියා. මම කවදාවත් හිතුවේ නැහැ දුට මෙහෙම වෙයි කියලා.
කෙසේ වෙතත් සුරංගි සඳමාලි සැමට අහිමිව ඇත. ඝාතකයා වරද පිළිගෙන ඇත. ඔහුට නීතිය හමුවේ දඬුවම් ලැබෙනු ඇත. ඔහුගේ පවුල් ජීවිතය බිඳ වැටුණි. අහිංසක දරුවෙක් තනි විය. හැඟීම්වලට වඩා බුද්ධියට ඉඩ දීමට සැවොම වගබලා ගන්නේ නම් සමාජයේ මෙවන් විපත් සිදු නොවනු ඇත.