පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැති 2014 වසරේදී කොළඹ නගරයේ අලංකරණය වෙනුවෙන් රුපියල් කෝටි එකාහමාරක් පමණ වියදමක් දරා ඉදිකළ සුවිශේෂී බවතුම්පොළවල් මේවනවිට යාචකයගේ තිප්පොලක් බවට පත් අපිරිසිදුවී ඇතැයි බස් මගීහු චෝදනා කරති.
එවකට නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාව හා එක්ව යුද හමුදාවේ
ශ්‍රමයෙන් බස්නවතුම්පළ 45 ඉදිකර තිබුණි.
විදුලිය සහිත මෙම අංගසම්පූර්ණ අලංකාර බස්නැවතුම්පොළවල් සෑම එකක්ම පාහේ අද වනවිට යාචකයින් විසින් අත්පත් කරගැනීම නිසා තමන්ට ඉන් පිටින් රැඳී සිටිමට සිදුවී ඇතැයිද මගීහු කියා සිටියි. මේ පිළිබඳව නාගරික රථවාහන හා මාර්ගය ආරක්ෂාව හා සැලසුම් අංශයේ අධ්යක්ෂ නිහාල් වික්රමසේන මහතාගෙන් කළ විමසීමේදී කියාසිටියේ යාචකයින් බවතුම්පොළවල රැඳී සිටීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීම පොලිසියට අයිති රාජකාරියක් බවය.