උපකාරක පන්ති සඳහා පැමිණ ගම්පහ නගරයේ තැනින් තැන අශෝභන අන්දමින් හැසිරුණු සහ කල්ලිගැසී විෂමාචාර ක්රියාවන්හි යෙදී සිටි බව කියන බාල වියේ තරුණ තරුණීයන් 27 දෙනකු පොලිස් භාරයට ගෙන දැඩි සේ අවවාද කොට මවුපියන් වෙත භාරදීමට පියවර ගෙන ඇත.
මේ අතර ලැගුම් හලක සිටි දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඇත. ඉකුත් සෙනසුරාදා (2) ගම්පහ නගරය ආශ්රිතව සහ යක්කල පාර - ඔරුතොට පාර, උඩුගම්පොළ යන ප්රදේශවල ලැගුම්හුල් 47ක් සහ නව මිනුවන්ගොඩ මාර්ගය, ගම්පහ දුම්රියපොළ මෙන්ම බස් නැවතුම්පොළවල් පරික්ෂාවට ලක් කිරීමේදී මෙම පිරිස පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි. මොවුන් සියලු දෙනා අවුරුදු 17, 18, 19 වැනි වයස්වල පසුවන උසස් පෙළ විභාගය සඳහා උපකාර පත්ති සඳහා නිවෙස්ලින් පැමිණ සිටි අයයි.
ළාබාල තරුණ පිරිස් ගම්පහ නරගයෙහි තැනින් තැන
මෙලෙස පොලිස් භාරයට පත්වූවන්ගෙන් ප්රශ්න කිරිමේදී ඇතැමුන් පවසා ඇත්තේ පෙරවරු 10ට පන්තියක් නිමාවීමෙන් පසුව අනෙක් පන්තිය පස්වරුවේ ඇරඹෙන තෙක් කාලය ගෙවීමට තැනක් නොමැති බැවින් මෙලෙස නගරයේ තැනින් තැන ගත කරන බවය.මෙය සැලකිල්ලට ගත යුතුව ඇති කරුණක් බව පොලීස් නිලධාරිනියක පැවැසූ අතර උපකාරක පන්ති පවත්වා ගෙන යන්නන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ළමයින් රැඳී සිටිම පිණිස ආරක්ෂාව සහ රැකවරණය සහිත කොටසක් ඇති කිරීම උචිත වනු ඇති බව පෙන්වා දුන්නාය.
පොලිස් භාරයට ගන්නා ලද පිරිස අතරින් ඇතැමුන් ජෝඩු ලෙස මඟ දෙපස පහත් අන්දමින් හැසිරීම, දුම් පානය කිරීම සහ පොදු ස්ථානයන්හි ජනතාවට පීඩාවන අයුරින් ගැවසෙමින් සිට ඇත.