අතක කොටා තිබූ කුඩා කටුසු රූපයක් ඔස්සේ පරීක්ෂණ කර සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට දුන්ගාල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත්ව ඇත. මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
ගැනීමට හැකිවී ඇත්තේ පිටිපන ලෙල්ලමේ කඩයක දොරගුළු කඩා මාළු තොගයක් සොරකම් කිරීම පිළිබඳ ලැබුණු පැමිණිල්ලක් ගැන අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මාරසිංහ මහතා සිදුකළ සීසීටීවී දර්ශන විල්ලේෂණයකිනි.
සීසීටීවී දර්ශනවල සැකකරුවන් දෙදෙනා
මසුන් අලෙවිසල් දොරගුළු කඩා එහි තිබූ අධිශීතකරණයකින් රුපියල් 50,000ක් පමණ වටිනා මාළු රැගෙන ඔරුවට පටවාගෙන කළපුවට රැගෙන ගොස් එහි නවතා තිබු බෝට්ටුවකට හොරෙන් පටවාගෙන ධිවරයන් දෙදෙනකු මෙන් ඇඳල මාළු වෙළඳපොළට අලුයම රැගෙන ගොස් විකුණා රුපියල් 35,000ක් ලබාගෙන තිබේ.
අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති මොවුන් දෙදෙනාගෙන් එක් අයකු ලෙල්ලමේ මාළු කැපීමේ නිරත වන අතර මදපිටිපන පදිංචි 28 වියැති වාහකයෙකි. අනෙක් සැකකරු පිටින පදිංවී 22 වියැති අයෙකී.