මාකඳුරේ මධූෂ්ගේ දකුණේ ප්රධාන ගෝලයා වන මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති පාතාල නායකයා පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි ප්රහාරයකින් ඊයේ මියගියේය.
මාතර, කඹුරුපිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මෙම මරණය වාර්තා විය.
කඹුරුපිටිය ප්රදේශයේ අවිගත් කණ්ඩායමක් මේ දින වල සැරිසරණ බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව ඊයේ(25) දින කඹුරුපිටිය- අකුරුස්ස මාර්ගයේ විල්පිට ප්රදේශයේ මාර්ග බාධකයක් යොදා රාජකාරි යෙදී සිටියදී රාත්රී 7.45 පමණ ත්රිරෝද රථයක් අකුරැස්ස සිට
එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අදාළ ත්රිරෝද රථය ලුහුබැඳ යද්දී එක්වරම කැලෑබද ප්රදේශයකට එය ඇතුළු කර ඇති අතර එහි සිටි අය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කරයි.
එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකළ ප්රතිප්රහාරයෙන් අනතුරුව එම ස්ථානයේ වැටී සිටි අදාළ සැකකරු හමුවී ඇත. ඉතිරි දෙදෙනා පළාගොස් සැගවී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කඹුරුපිටිය හොරපාවිට ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති පාතාල නායකයා බවටයි අනාවරණ වී ඇත.
ඔහු සතුව තිබී T 56 වර්ගයේ ගිණි අවියක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
මාකඳුරේ මධූෂ්ගේ ප්රධාන ගෝලයෙකු වන මානෙල් රෝහණ නොහොත් තිලක් දකුනු පළාතේ මධුෂ්ගේ නායකයා ලෙස කටයුතු කළ බව පැවසිණි.