ලෝකයේ පළමු වරට ත්‍රිමාන කොන්ක්‍රීට් ප්‍රින්ටරයක් යොදාගෙන නිවාස ඉදිකිරීමෙ වැඩ පිළිවෙළක් නෙදර්ලන්තයේ අරඹා තිබේ. නෙදර්ලන්තයේ Eindhoven නුවර මෙවැනි නිවාස සංකීර්ණයක් දැනටමත් ඉදිකර ඇති බව ද ගාඩියන් පුවත් වාර්තාවකින් ප්‍රසිද්ධ කර තිබේ.
මෙහිදී ත්‍රිමාන කොන්ක්‍රීට් ප්‍රින්ටරයකට අදාළ සැලසුම පරිගණක ඔස්සේ කැවූ පසු රොබෝ යන්ත්‍රානුසාරයෙන් නිවාසයේ සියලු කොටස් කොන්ක්‍රීට් මගින් තනනු ලබන අතර මානව ශ්‍රම දායකත්වය අවමය.
ඔවුන් මේ ආකාරයේ නිවාස 20 ක් පමණ මේ වනවිට නිම කර ඇති අතර ඒවාට අධික ඉල්ලුමක් පවතින බවත් ලබන වසරේ විකිණීම අරඹන බවත් දන්වා ඇත.
නිවාස ඒ ආකාරයෙන් හදන හැටි වීඩියෝව පහතින්