- කඩසාප්පු වල රස්තියාදු නොවී පහසුවෙන් බාන්ඩ මිලදී ගන්න පුළුවන් වීම.
- තමන් මිලදී ගන්න බලාපොරොත්තු වෙන බාන්ඩය ගැන මීට පෙර මිලදී ගත් අයගේ අදහස් දැන ගන්න පුළුවන් වීම.
- වගේම සාමාන්‍ය වෙළද පොළ මිලට වඩා අඩුමුදලට භාන්ඩ මිලදී ගන්න පුළුවන් වීමත් විශේෂ ලක්ෂණයක්
එහෙමත් නැත්නම් බාල භාන්ඩයක් ලැබෙයිද කියල ඉතින් අපිට කියන්න තියෙන්නේ ඒ ගැන බය වෙන්න දෙයක් නෑ කියල. ඉතින් අපි හිතුව ඔබේ හිතේ තියන චකිතය දුරු කරන්නත් එක්ක අන්තර්ජාලයෙන් භාන්ඩ මිලදී ගන්න පියවරෙන් පියවර පැහැදිලි කරන්න ඉතින් අපි මේ සදහා යොදා ගත්තේ ලෝකය පුරාම ගොඩක් ජනප්‍රිය මෙන්ම ලංකාවට නොමිලේම භාන්ඩ ප්‍රවාහනය කරන ebay වෙබ් අඩවියයි ebay එකෙන් බාන්ඩයක් මිලදී ගන්නනම් මොනවද තියෙන්න ඕනි
- eBay ගිණුමක් තිබිය යුතුයි.
- PayPal ගිණුමක් ගිණුමක් එහෙම නැති උනත් අවුලක් නෑ.
- අන්තර්ජාලය තුල ගෙවීම් කළ හැකි Visa, Master Card හෝ American Express කාඩ්පතක් තිබිය යුතුයි.
eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.මේකේ තියන භාන්ඩ ලෝකය පුරාම ඉන්න ඕනෑම කෙනෙක්ට මිලදී ගන්න පුළුවන්
eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අපේ භාන්ඩ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.සාමාන්‍යයෙන් මිලදී ගත්ත බාන්ඩයක් දින 21 වගේ කාලයක් ඇතුලත ලංකාවට එනවා
eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.
eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.
ebay සම්බන්ධ අනෙකුත් ලිපි මෙතනින් බලන්න
- මොකක්ද මේ paypal කියන්නේ?
- බය නැතුව ebay එකෙන් බඩු ගමු.
- ebay එකෙන් ගත්ත භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ?