ජාතිය, ආගම යන්න අප උපතින් හෝ දැනුම්වත්කමින් රැගෙන එන්නක් නොව. එය අප මව පියාගේ පරම්පරාව තුළින් ලබන දායාදයකි. ශ්රී ලංකාව යනු එවන් ආගම් හා ජාති කිහිපයක් ම අනාදිමත් කාලයේ සිට එකිනෙකා, සාමයෙන් හා සතුටින් වෙසෙන රටකි. එහෙත් විවිධ යුග වල විවිධ මුහුණුවරින් එම ජාතින් අතර මත ගැටුම් හා යුධමය තත්වයන් ඇති නොවූවා ම නොවේ. ශ්රී ලාංකිකයන් ලෙස අප සතු අදුරු ම මතකය වන්නේ තිස් වසරක බිහිසුණු යුද සමයයි.
එනමුත් අද වන විට තිස් වසරක් පුරා ලාංකිකයන් විඳවූ එකී අදුරු යුගය හමාරවී අවුරුදු නමයක් ම ගතව අවසන්ය. එබැවින් යුද්ධය නොදුටු දරුවන්ගේ හිස්, සිත් පැරණි වෛරයෙන් හා බිහිසුණු මතකයෙන් පිරවීමෙන් වැලකී සිටීම වැඩිහිටියන් ලෙස සියලු ලාංකිකයන අප කාගේත් වගකීමයි. එකී වගකීමෙහිලා මනා මෙහෙවරක් සයිබර් අවකාශය තුළ Gen Peace නම් වෙබ් පිටුව ඉටු කරන බව ඒ තුළ සැරිසරන්නෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහි ජාති ආගම් බේද නොදත් සුහුඹුල් දරුවන්ගේ සිතුම් පැතුම් හොඳින් පිළිබිඹු කරන රූපරාමු හා වීඩියෝ පෙළකි. අපත්, ශ්රී ලාංකික මතු පරපුර සාමයේ පරපුරක් ලෙස ගොඩනන්වන්නට ඔවුන් හා එක්වෙමු.
ඔබත් මේ හා එක්වන්න.
www.bit.ly/GenPeacePledge