පසුගිය 11 වනදා සිට දින 15 ක් පැවති තැපැල් සේවක වැඩ වර්ජනය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිව නවතා දමා තිබේ. තැපැල් වෘත්තීය සමිති සමග වැටුප් හා සංඛ්‍යාන කොමිසමේ සභාපතිවරයා සහ තැපැල් ඇමැති අබ්දුල් හලීම් පැවැත්වූ සාකච්ඡාවලදී යම් සාධනීය තත්වයක් පෙන්නුම් කළ නිසා වර්ජනය තාවකාලිකව නතර කළ බව සංගමය දන්වා ඇත.

තැපැල් සේවකයන්

සඳහා පවතින තෙවැනි ශ්‍රේණිය ඉවත් කිරීම සඳහා ඇමැතිවරයා එකඟතාව පළකර තිබෙන බවත් වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලු වලට යෝජනා එළඹෙන ජූලි මස 7 දා වැටුප් කොමිසම ලබාදෙනු ඇති බවත් ඒවා ගැන කොමිසම සමඟ සාකච්ඡා කිරීමට හා ඒ අනුව තමන් සෑහීමකට පත්වීම මත වර්ජන නවතා දැමූ නමුත් ඒවනවිටත් ඉල්ලීම් නොලදොත් නැවත වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට අපේක්ෂා කරන බවද සංගමය දන්වා ඇත.
2006 වසරේ ආරම්භ කළ චක්‍රලේඛයේ පැවැති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මේ වර්ජනය මතුවූ බවත් එය වළක්වා ඉල්මනින් ඉල්ලීම් ඉටුකරන්නට නීති ප්‍රතිපාදන නොමැතිවී ගිය බවත් ඇමති දන්වා ඇත.
තැපෑල සංවෘත්ත දෙපාර්තමේන්තුවක් වශයෙන් පත්කරන ලෙස ඉල්ලීම් කරන්නට තමා අදහස් කරන බවද එම ඉල්ලීම් සාධාරණ බවද කී අබ්දුල් හලීම් ඇමතිවරයා තැපැල් සේවකයන් සමඟ සාකච්ඡා කොට සේවා ව්‍යවස්ථාවක් ඇති කරගෙන තිබෙන බවද කීවේය.
වර්ජනය පැවැති කාලයේ දී තැපෑල විශාල වශයෙන් කඩාවැටීමකට ලක්ව තිබෙන අතර විශාල වශයෙන් දේශීය හා විදේශිය ලිපි හා පාර්සල් ගොඩගැසී තිබෙන අතර ඉදිරි දිනවලදී යම් ප්‍රමාදයක් සහිතව ඒවා බෙදාහැරීමට අදහස් කරන බවද දන්වා ඇත.