වයස අවු. 11ක පාසල් සිසුවකු නිවසේ කාමරයක සෙල්ලම් කරමින් සිටියදී බාල්කයේ එල්ලා තිබූ කම්බි දඟරයක බෙල්ල හිර වී පෙර්දා (24දා) මියගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පැවැසීය. කොබෙයිගනේ නැබඩවැව ප්‍රාථමික විද්‍යාලයේ පහ වසරේ අධ්‍යපනය ලබන ඩබ්ලිව්.එම්. නෙත්සර කාවින්ද (අවු 11) නමැති දරුවා මෙසේ මියගොස් ඇත.
මව සහ පියා
දරුවා බාල්කයේ එල්ලී සෙල්ලම් කරනවිට අත ලිස්සා කම්බි දඟරයට වැටී බෙල්ල සිරවී ඇති බවට සැක කරයි. එහෙත් දරුවා ඉන් මුදා ගැනීමට නිවසේ කිසිවකු සිට නැත. මව නිවෙසට පැමිණ පුතා සොයා ඇතත් පුතා දැක ගැනීමට සිට නැත. ගෙයි දොරවල්ද ඇර දමා තිබී ඇත. ගේ ඇතුළේ කාමරයේ බලන විට පුතා කම්බියේ සිරවී සිටිනු මව දැක ඇත. අසල්වැසියන් සමඟ දරුවා එයින් ගලවා කොබෙයිගනේ රෝහලට ගෙන ගියත් එවනවිටත් දරුවා මියගොස් සිට ඇතැයි පරීක්ෂණ පවත්වන වාරියපොළ පොලිසිය පැවැසීය.
මෘත ශරීරය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘත ශරීරය කුරුණෑගල ශික්ෂණ රෝහලට ගෙනගොස් ඇති අතර ඊයේ (25)දා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.