අදියර සම්මුඛ
අදාළ කඩඉම් ලකුණු නිසා මඩකළපුව දිස්ත්‍රික්කයෙන් පමණක් උපාධිධාරීන් 914 දෙනකු පත්වී සිටි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා තේරීපත්ව සිටියේ උපාධිධාරීන් 32ක් පමණි. එය භූමි ප්‍රමාණය හෝ ජනගහනය ගෙන බැලූවිට පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බවට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බව පසුගියදා වාර්තා කළේය.
එම කඩඉම් ලකුණු සීමාවට අනුව උපාධිධාරීන් වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තේරී පත්ව සිටියේ උපාධිධාරීන් 300ක් පමණි. කෙසේ වෙතත් ආර්ථික කටයුතු අමාත්‍යාංශය අදාළ කඩඉම් ලකුණු ප්‍රමාණය සංශෝධනය කිරීම් සඳහා තීරණය කර ඇති අතර පසුව එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යවා ඇති බවද වාර්තා වේ. මෙම උපාධිධාරීන්ට ජූලි මස දෙවැනිදා පත්වීම් ලබාදීමට සුදානමින් තිබිණි.