ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකඛන්ගේ වත්කම පසුගිය සතිය තුළදී එක්සත් ජනපද ඩොලර් බිලයන 17කින්අඩුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙය ඔහුගේ සමස්ත වත්කමින් පහෙන් පංගුවක් ලෙස සඳහන්ව තිබේ.

එසේම මෙහිදී ෆේස්බුක්හි කොටස් වටිනාකමද 20%කින් පමණ අවප්‍රමාණය වී ඇත. මේ තත්වය සමග සමාගමේ සභාපතිවරයා මෙම ප්‍රධාන විධායක නිලධාරියාද වන සකර්බර්ග් එම තනතුරුවලින් ඉවත්විය යුතු බවට සමාගමේ

ආයෝජකයන් පවසා සිටින බවත් වාර්තා සඳහන් කරයි.

අද වනවිට සකර්බර්ග්ගේ සම්පූර්ණ වත්කම ඇ.ඩො. බිලියන 70කි. මේ අඩුවීමත් සමග ඔහු පසුගිය සතිය වනවිට බ්ලුම්බර්ග්හි බිලියනපතියන්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා පසුබැස ඇත. මේ තත්වය සමග එක්සත් ජනපද කොටස් වෙළඳ පොළ තුළදී ෆේස් බුක් දිනක් තුළ ලබාගත් දරුණු පසුබැසීම මෙය වන අතර, එය ඇ.ඩො.බිලියන 119කි.

සකර්බර්ග් ෆේස් බුක් සමාගමේ වැඩි බලයක් හිමිකරගෙන සිටින බව ඇතැම් කොටස්හිමිකරුවන් චෝදනා කර සිටියි. ඒ අතරින් ෆේස්බුක්හි ඇ.ඩො.මිලියන 11ක කොටස් හිමි ආයෝජන සමාගමක් වන ට්‍රිලියම් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම, සකර්බර්ග් ෆේස්බුක්හි සභාපති සහ ප්‍රධාන විධායක ධුරවලින් ඉවත් විය යුතු බව පවසා සිටියි.
-එම්.සී.පෙරේරා-